
දයාසීලි ලියනගේ
සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා පළාත් පාලන මැතිවරණයට පෙර සියලු පළාත් පාලන ආයතන විසුරුවා හරින ලෙස පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
පළාත් පාලන ආයතන සියල්ල මාර්තු 20 වැනි දින වන විට අහෝසි වීමට නියමිතව ඇති අතර මීළඟ මැතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර ගැනීම ආරම්භ කර ඇති බව රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
පළාත් පාලන ආයතන බලයේ තිබියදීම මැතිවරණය පැවැත්වුවහොත් එහි නියෝජිතයන් රාජ්‍ය සම්පත් මැතිවරණයට යොදා ගැනීම සිදුකරනු ඇතැයි මැතිවරණ කොමිසමට පෙන්වා දුන් බව ද හෙට්ටිආරච්චි මහතා කීය.
දැනට සිටින සභිකයන් එම ආයතනවල වාහන, ඉන්ධන, කාර්ය මණ්ඩලය, ගොඩනැගිලි මැතිවරණ කටයුතුවලට යොදවා ගැනීමට ඉඩ තිබෙන අතර මීට අමතරව ඡන්දදායකයන්ට බලපෑම් සිදුවන ආකාරයේ විවිධ ක්‍රියාමාර්ග පැවැත්වීම සිදුවිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය. මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා පළාත් පාලන ආයතන විසුරුවා හරින ලෙස ඉල්ලා සිටි බව ද ඔහු කීය.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ඡන්දයට පෙර පළාත් පාලන ආයතන විසුරුවන්න