IMG-LOGO

උපයෝගිතා කොමිසම දෙකට බෙදේ

සභාපති පැත්තක සාමාජිකයෝ තවත් පැත්තක

යොහාන් භාසුර

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු යැයි මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා දැනුම්දී ඇති බවත් එම සාමාජිකයන් තිදෙනාගේ තීරණයට විරුද්ධව පෞද්ගලිකව නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉකුත් 20 ද‌ා පැවසීය.

එම කොමිසමේ උපසභාපති උදේනි වික්‍රමසිංහ, සාමාජිකයන් වන මොහාන් සමරනායක සහ චතුරිකා විජේසිංහ යන මහත්ම මහත්මීන් තිදෙනාගේ අස්සන්වලින් එම තීරණය ලිඛිතව ඊයේ දැනුම්දී ඇති බව කී රත්නායක මහතා කොමිසමේ සභාපතිවරයා වන තමන් නොමැතිව ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාමාජිකයන් තිදෙනා සමඟ ඉකුත් 19 වැනිද‌ා සාකච්ඡා කර ඇති බව ද සඳහන් කළේය. 


පාර්ලිමේන්තු ජාතික සභාව මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් කැඳවා ඉකුත් 19 වැනිද‌ා කළ සාකච්ඡාවේදී කැබිනට් මණ්ඩලයේ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට කොමිසම ගත් තීරණය එම සාමාජිකයන් දැනුවත් වීමකින් තොරව එළඹියේ යැයි පැවසීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්වූ බව කී සභාපතිවරයා ජාතික සභාවේ රැස්වීමට පැය දෙකකට පමණ පෙර එම සාමාජිකයන් තිදෙනා ජනාධිපතිවරයා හමුවී ඇති බව  සඳහන් කළේය.


ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවට සභාපතිවරයා වන තමන්ට කිසිදු ආරාධනාවක් නොතිබුණු බව කී හෙතෙම ජාතික සභාවේදී ‘‘බලලා මල්ලෙන් එළියට පැන්න’’ බවද කීය.  
කැබිනට් මණ්ඩලය යෝජනා කළ විදුලි සංශෝධනය ඉක්මනින් ක්‍රියාකත්මක කළ යුතුයි යැයි එම සාමාජිකයන් තිදෙනා කළ දැනුම්දීම 2009 විදුලි පනතට සම්පූර්ණයෙන් පටහැනි නිසා ඊට එකඟ නොවන බවත් ස්වාධීන කොමිෂන් සභාවකට දේශපාලන බලපෑම් එල්ල වීම කොහෙත්ම අනුමත කළ නොහැකි බවත් සභාපතිවරයා පැවසීය.  
කොමිසමට දේශපාලන බලපෑම් කිරීමට සම්පූර්ණ විරුද්ධ බවත් එම සාමාජිකයන් තිදෙනාට එරෙහිව දින දෙකක් තුළ නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවත් කී සභාපතිවරයා ස්වාධීන කොමිෂන් සභාවකට එවැනි ආකාරයට වැඩ කිරීමට නොහැකි බවද සඳහන් කළේය.


මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් කැඳවා පසුගිය 12 වැනිදා විශේෂ රැස්වීමක් පවත්වා කැබිනට් තීරණය ක්‍රියාත්මක කළ නොහැකි යැයි තීරණය කිරීමෙන් පසුව ගත වූ දින අට තුළදී එම තීරණයට විරුද්ධ යැයි එම සාමාජිකයන් දැනුම් නොදුන් බව ද සභාපතිවරයා සඳහන් කළේය. 
කෙල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේදී පෙරේද‌ා (20) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

 



අදහස් (0)

උපයෝගිතා කොමිසම දෙකට බෙදේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 65 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 274 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site