දයාසීලි ලියනගේ
ලංකා විදුලිබල මණ්ඩලය සතු බලාගාර වෙන වෙනම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් හෙට (14) ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කරන ලද කමිටු වාර්තාවේ මේ බව සඳහන් කර ඇතැයි වාර්තා වේ. මෙම යෝජනාවට අනුව ලක්ෂපාන බලාගාරය පවා ප්‍රතිව්‍යුහගත කිරීමට යන බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතාගෙන් කළ විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ බලාගාර මට්ටමින් ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එයට එකඟ නොවන බවයි.
විදුලිබල මණ්ඩලය සතු බලාගාර එක් ආයතනයක් යටතට පැවැරීමට මීට පෙර යෝජනාවක් ඉදිරිපත්වී තිබූ අතර මෙවර විදුලි ජනන අංශ කොටස් කිරීමට කිසිසේත් එකඟතාව නොදක්වන බව ද ඔහු ප්‍රකාශ කළේය.
මෙම යෝජනා ඉදිරිපත් කිරීමේ දී වෘත්තීය සමිති සමඟ ප්‍රමාණවත් කාලයක් ලබා දී සාකච්ඡා නොකළ බව ද වීරරත්න මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd