ඉන්දික හේවාවිතාරණ
කිරි ගවයන්ගේ මව් සතුන් හිඟයක් ඇති වී තිබෙන නිසා මව් සතෙකුගේ මිල රුපියල් ලක්ෂ හතර දක්වා ඉහළ ගොස් තිබෙන බව ජාතික කිරිගොවි ව්‍යාපාරය සඳහන් කරයි. මව්සතුන්ගේ හිඟය නිසා කිරි ගවයන් ඇති කරන ගොවිජනතාවගේ කර්මාන්තය දියුණු කර ගැනීමට නොහැකි වී තිබෙන හෙයින් අලුතින් කිරිගවයන් ඇති කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස්වලට කර්මාන්තය ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන බවද එම සංගමයේ ජාතික සංවිධායක, චම්ලි ජයරත්න සඳහන් කළේය.
2020 වසරට පෙර විදේශ රටවලින් ගෙන්වා මව් සතුන් ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූ බවද දිනකට කිරි ලීටර 40කට වඩා වැඩි අස්වැන්නක් ලබා ගන්නා ඇතැම් ගොවිපළවල් මූලික කර ගනිමින් මව් සතුන් බිහිකර ගැනීම සිදු වූ බවද මේ වන විට එම කටයුතු පවා නිසි ලෙස සිදුනොවන බවද ඔහු පවසා සිටියේය.
වර්ෂික කිරි අවශ්‍යතාවෙන් සියයට 40ක ප්‍රමාණයක් දේශීය ගොවීන් ලබා දෙන බවත් මෙම තත්ත්වය තවදුරටත් ඉහළ දමා ගැනීමට නම් දිනකට කිරි ලීටර දහයත් විස්සත් අතර ප්‍රමාණයක් ලබා ගත හැකි හොඳ තත්ත්වයේ මව් සතුන් අඩු මිලට ලබා දෙන වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය. ඔහු මෙසේද කීය.
“රජය සතුව සත්ත්ව ගොවිපළවල් තිබෙන නිසා අදාළ ගොවිපළවල් මූලික කර ගනිමින් මව් සතුන් සකස් කර කිරි හරක් ඇති කරන ජනතාවට ලබා දිය හැකියි. නුවරඑළියට හා වියළි කලාපවලට ගැලපෙන කිරි ගවයන් විදේශ රටවලින් ගෙන්වා ලබා දිය හැකියි.
විදේශ රටවලින් ගෙන්වන පිටි කිරි භාවිතය අඩු වී දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පිටි කිරිවලට හා නැවුම් කිරිවලට විශාල ඉල්ලුමක් ඇති වී තිබෙනවා. මේ නිසා දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීමේ තීරණයක් ගතහොත් විශාල පිරිසකට රැකියා අවස්ථා හිමිවනවා. මේ වන විට වසවිසෙන් තොර ගෙවිතැන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ සඳහා අවශ්‍ය පොහොර අවශ්‍යතාවෙන් සැලකිය යුතු කොටසක් ගොමවලින් සපුරාගත හැකියි.”
ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ඉන්දියානු සමාගමකින් ලබා ගත්ත ද එයින් මෙරට පුරවැසියන්ගේ දත්ත කිසි ලෙසකත් එම සමාගමට ලබා ගත නොහැකි
ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මුදලින් අධාර කරන්නේ එම ව්‍යාපෘතිය ඔස්සේ මෙරට පුරවැසියන්ගේ දත්ත ඔවුන්ට ලබා ගැනීම වෙනුවෙන
මෙරටට හිමි වූ විශාලතම සෘජු විදේශ ආයෝජනය වාර්තා කරමින් බලශක්ති අමාත්‍යාංශය, චීනයේ ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම සමග ගිවිසුම් ගතවී
දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති නිසි පරිදි ස්ථාපනය නොකිරීම සහ නඩත්තු නොකිරීම හේතුවෙන් දිවයින පුරා විවිධ දුම්රිය අනතුරු 1501ක
මහ කන්නයේ මිලදී ගනු ලබන වී අස්වනු ගබඩා කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය සතුව ලක්ෂ දෙකකට වැඩි ධාරිතාවක් සහිත වී ගබඩා පවතින බවත්, සතොස සතුව පවතින හැට දහසක ධාරිත
වසර 2021 සිට 2023 දක්වා ගත වූ අවුරුදු තුනක කාලයේදී ඒක පුද්ගල ණය ප්‍රමාණය, ඒක පුද්ගල ආදායම් මට්ටම ඉක්මවා ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කිරි එළදෙනක් රුපියල් ලක්ෂ 4යි