‘‘දහස් ගණන් ජනතාව රඳවා ගැනීමෙන් මිනිස්සු අන්තවාදයට තල්ලු වෙනවා”


ඉන්දියාව කාශ්මීරයේ විරෝධතාකරුවන් සහ විරුද්ධවාදීන් මර්දනය කරන ආකාරය නිසා ලෝකයේ මුස්ලිම්වරුන් බොහෝ දෙනා අන්තවාදයට තල්ලු වන බවට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (13) චෝදනා කළේය.

පාකිස්තාන පරිපාලනය යටතේ තිබෙන මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී සැර කතාවක් කරමින් අගමැති ඉම්රාන් ඛාන් ඒ බව පැවැසීය.

“මට ඉන්දියාවට කියන්න ඕනේ, දහස් ගණන් ජනතාව රඳවා ගැනීමෙන් මිනිස්සු අන්තවාදයට තල්ලු වෙනවා” අසාද් කාශ්මීරයේ අගනුවර වන මුසාෆාරාබාද් හි රැළියක් අමතමින් පාකිස්තාන අගමැතිවරයා කීවේය.

“මිනිස්සු ඉන්දියාවට එරෙහිව නැගි සිටිවි. ඉන්දියාවේ ඉන්න මුස්ලිම්වරුන් විතරක් නෙමෙයි, ලෝකයේ මුස්ලිම්වරුන් බිලියන 1.25ක් ඉන්නවා. ඔවුන් සියලු දෙනා මෙය බලා සිටිනවා” යැයි ඔහු කීවේය.

“ක්‍රෑරකම්, දාමරිකම් සීමාව ඉක්මවා ගියාම, මිනිස්සු නින්දා සහගත ජීවිතයකට වඩා මරණයට වඩාත් කැමැති වෙනවා” යැයි හෙතෙම කීය.

රොයිටර්ස් ඇසුරිනි 

055