නිව්යෝක් නුවර වෙසෙන කැලණි විශ්ව විද්‍යාලයීය ආදි සිසුන් හා නිව්යෝක් බෞද්ධ විහාරයේ දහම් පාසල් සිසුන් එක්ව සංවිධානය කළ ‘සිහ සරණි‘ සංස්කෘතික සංදර්ශනය ක්වීන් උසස් පාසල් පුහුණු පීඨයේ රංග ශාලාවේදී පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විය.





