ඉන්දියාවට ඇතුළු වු ‘වර්ධා‘ සුළි කුනාටුවෙන් දෙදෙනකු මිය ගොස් ඇති බවත් දහස් ගණනක් මුහුදුබඩ ප්‍රදේශ වලින් ඉවත් කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද(12) දකුණු ඉන්දීය ප්‍රාන්ත වල සියලු පාසල් හා කාර්යාල වසා දමා ඇති අතර චෙන්නායි ගුවන් තොටුපලද තාවකාලිකව වසා දමා ඇත.
තමිල්නාඩුවේ ගස් 260ක් පමණ කඩාවැටී ඇති බව බලධාරීහු කියති. ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇති විණි.
(ඡායාරූප-රොයිටරු පුවත්/ඒඑෆ්පී)



