ඔහු අවුරුදු දෙකක් වයසැති නයිජීරියා දරුවෙකි. යකින්නක යයි කියා දෙමාපියන් දරුවා මහා මග දමා ගොස් තිබිණි.
රින්ජ්රන් ලෝවන් නම් සමාජ සේවිකාව මහ මග සිටින එම දරුවා දුටුවාය.
ඒ වන විට අට මාසයක් පමණ විදියේ සිටි දරුවාගේ ඇගේ පණුවන් පවා සිටියේය. ලෝවන් මහත්මිය ඔහු වඩාගත්තාය. කෑම කවා ඔහුට තම වතුර බෝතලයෙන්ම වතුර පෙව්වාය. ඇගේ සළුවක් පොරවා දරුවා රෝහලට රැගෙන ගියාය.
ඉන් පසු කුඩා දරුවාගේ සිරුරේ සිටි පනුවන් ඉවත් කැරිණි. රතු රුධිරානු යතා තත්වයට පත් කිරීමට දින පතා රුධිරය දීමට සිදු විය.
දැන් ඔහු ‘හෝප්ස්‘ නමින් හැඳින් වෙයි.
අප්‍රිකාවේ කුඩා දරුවනට ආධාර ලබා දෙන අධ්‍යාපන හා සංවර්ධන පදනමේ නිර්මාතෘ ලෝවන් මහත්මිය දැන් ‘හෝප්ස්‘ දරුවාගේ මව වන්නීය.
‘ළමයින් දහස් සංඛ්‍යාවක් මායාවකට චෝදනා කර මිය යෑමට හරිනවා. දරුවන්ට දෙන වදහිංසා අපි දකිනවා. ඊට අපි බිය වූ දරුවන් සහ මිය ගිය දරුවන් යන ඕනෑ තරම් දැක තිබෙනවා.’ යැයි ලෝවන් කීවාය.
එවැනි දරුවනට උපකාර කිරීමට ඇය සහ ඇගේ සැමියා ළමා නිවාසයක් ද අරඹා තිබේ.







