නන්දා මාලනී සහ අමරසිරි පීරිස් ඉදිරිපත් කළ " ගී අමානන්දනී" ප්‍රසංගය ලන්ඩන් නුවර කැම්ඩන් ශාලාවේදී පැවැත්විණි.
ඔවුන් දෙදෙනා විසින් ගායනා කර ඇති ජනප්‍රිය ගී බොහෝ ගණනක් මෙම ප්‍රසංගයේදී ගායනා කෙරුණේ රැස්ව සිටි රසික පිරිස අමානන්දනයට පත් කරවමිනි.
ලංකා මාතා පදනම මඟින් සංවිධානය කළ මෙම ගී ප්‍රසංගය සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගී විය.
සංගීතය සැපයීම සඳහා සුරේෂ් මාලියැද්දගේ මුලිකත්වයෙන් නිහාල් කළුබෝවිල, මහි පැස්කුවෙල්, සනත් සතිස්චන්ද්‍ර සහ ප්‍රියන්ත දසනායක යන අය එක්ව සිටියේය. වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා විස්තර කතනයෙන් අනෝමා වත්තලදෙණිය හා චන්දන විතාන සහාය විය.
මෙම ප්‍රසංගයෙන් ලැබෙන සියලුම මුදල් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන්ගේ සුබ සෙත උදෙසා ලංකා මාතා පදනම මඟින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් සඳහා යොදවා ගන්නා බව සංවිධායකයින් වෙනුවෙන් ලංකාදීප එසැණ පුවත්වෙත අදහස් දැක්වූ භුමින්ද කරුණාතිලක පැවසුවේය.

![NANDA_1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/NANDA_11.jpg)
![NANDA_2[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/NANDA_21-Copy.jpg)
![NANDA_3[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/NANDA_31-Copy.jpg)
![NANDA_5[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/NANDA_51-Copy.jpg)
