හොලිවුඩ් නළු වැල් කිල්මර් සමුගනී


ජනප්‍රිය හොලිවුඩ් නළු වැල් කිල්මර් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 65 කි. 

2014 වසරේ වැල් කිල්මර් පිළිකා රෝගියකු ලෙස හඳුනා ගැනුණි. පිළිකාව වර්ධනය වූයේ උගුරේය. වැල් කිල්මර්ට කතා කිරීමට පවා නොහැකි විය.

පසුගිය දින කීපයේ, වැල් කිල්මර් රෝගී වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර, ඔහු මියගොස් ඇත්තේ නිව්මෝනියා තත්ත්වයකිනි.
‘බැට්මෑන් ෆෝඑවර්’, ‘ද සේන්ට්’, ‘ටොප් ගන්’ ආදී චිත්‍රපටවලින් වැල් කිල්මර් අතිශය ජනප්‍රිය විය.

(සී.එන්.එන්.)