නීතිවිරෝධී එන්නත් ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට චීනයේ මවක සහ දියණියක ඇතුළු 37 දෙනෙකු අත්අඩංගුවට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඩොලර් මිලියන 88ක් (රුපියල් කෝටි 1282.9) වටිනා එන්නත් තොගයක් නීති විරෝධිව මිලට ගෙන විකිණීම ඔවුන්ට විරුද්ධව ඇති චෝදනාවයි.
නිසි ගබඩා කිරීමක් සහ ප්‍රවාහනයක් රහිතව මෙම එන්නත් 2011 සිට ක්‍රියාත්මක වී තිබෙන බව චීන පොලිසිය කියයි.
ව්‍යාජ ඖෂධ සහ නිසි ගබඩා කිරීමක් රහිත ඖෂධ මේ වන විට ලෝකයේම ප්‍රශ්නයක් වී තිබේ.

