ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ සෑම මාසයේම පළමු වන සෙනසුරාදා පැවැත්වෙන ධර්ම දේශනා වැඩසටහන් පෙලේ ආරම්භක දේශනය පසුගියදා ඇමෙරිකාවේ බටහිර වර්ජිනියාවේ භාවනා මධ්‍යස්ථානාධිපති හේනේපොල ගුණරතන හිමි විසින් පැවැත් වු අතර එදින උන්වහන්සේ විසින් භාවනා වැඩමුළුවක් ද පවත්වනු ලැබිය.
ගුණරතන හිමියන් ඉන්දියාව,මැලේසියාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය සහ ඇමෙරිකාව තුළ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා සහභාගිවී ඇත. උන්වහන්සේ සතිපට්ඨාන භාවනාව පිළිබඳව සුප්‍රකට පොත් කිහිපයක්ම රචනා කර ඇත.

![11010585_914206871954417_1978416472195126764_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11010585_914206871954417_1978416472195126764_o1.jpg)
![11258150_914206868621084_7897711877999444863_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11258150_914206868621084_7897711877999444863_o1.jpg)
![11539069_914206881954416_5673123535764761586_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11539069_914206881954416_5673123535764761586_o1.jpg)
