හිලරි ඉස්සර වෙයි


ඇමරිකා ජනපතිවරණ අපේක්ෂ සටනේ පොටෝරිකෝ ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජය තහවුරු කර ගැනීමට හිලරි ක්ලින්ටන් සමත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

හිලරි සමග තරග කළ බර්නි සැන්ඩර්ස්ට ලබාගත හැකිවූයේ 37.1%ක ඡන්ද ප්‍රතිශතයකි. හිලරි එම ප්‍රාන්තයේ 62.5%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත්තාය.

කැලිෆෝනියා හා නිව්ජර්සි ප්‍රාන්තවල ඡන්ද සටන මේ අනුව තීරණාත්මක වනු ඇතැයි එරට දේශපාලන ආරංචි කියයි.

රිපබ්ලිකන් පක්ෂයේ ජනපතිවරණ අපේක්ෂකත්වය ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවනු ඇතැයි කියති.