දියෙහි සිටි තම පැටවාට පහරදෙනු ඇතැයි බියෙන්දෝ හිපපොටේමස් මවක ගං ඉවුරේ රැඳී සිටි කිඹුලකුට හොඳ හැටි පහර දෙනු පසුගියදා දකුණු අපි‍්‍රකාවේ කෲගර් වනෝද්‍යානයේදී දැකගත හැකිවිය.
කිඹුලාව තම ශක්තිමක් දත් වලින් අල්ලාගත් ඇය හිස දෙපසට වැනූයේ කිඹුලාගේ සිරුර කැඞී යන තරම් වේගයකිනි.
එක්වනම හිස එසවූ ඇය කිඹුලාව ඈතකට විසිකර දැමුවාය. ඇය හා ඔට්ටු වීමට නොහැකි බව තේරුම්ගෙන මෙන් කිඹුලා දියෙහි ගිලී නොපෙනී ගියේය.
මේ සිදුවීම ආධුනික කැමරාකරුවෙකු වන කෙන් හීලී ගේ කැමරාවේ සටහන් විය. මෙවන් සිදුවීමක් තමන් කිසිදිනෙක දැක නැතැයි ඔහු පවසයි.





