ඇඩොල්ප් හිට්ලර් සතුව තිබූ ලෝකඩ අශ්ව ප්‍රතිමා ඇතුළු කලාකෘති කීපයක් ජර්මානු පොලීසිය විසින් ස්මාරක අළෙවි සැලක තිබී සොයා ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ජර්මානු පොලීසිය විසින් පුද්ගලයන් 8 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇත.
බර්ලින් නගරයේ නාසි නායකයාගේ කාර්යාලය පිහිටා තිබු ගොඩනැගිල්ලේ මෙම කලා කෘති තැන්පත් කර තිබිණි. එම ගොඩනැගිල්ල දෙවැනි ලෝක සංග්‍රාමයේ දී විශාල ලෙස අලාභහානි විය. පසුව සෝවියට් හමුදා විසින් එය විනාශ කර දැමිණි.

