ඔස්ට්‍රියාවේ පිහිටි නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් උපන් නිවස කඩා දැමීමට ඔස්ට්‍රියා රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. දැනට පෞද්ගලික අයිතිකාරියක භාරයේ පවතින තෙමහල් ගොඩනැගිල්ල නව නාසිවාදීන්ගේ කේන්ද්‍රස්ථානයක් වීම වැලැක්වීම සඳහා මෙම තීරණය ගැනීමට සිදුවූ බව ඔස්ට්‍රියා අභ්‍යන්තර ඇමැති පවසයි.
මෙම නිවස පවත්වාගෙන යනවාද නැද්ද යන්න දීර්ඝ සම්බන්ධව කාලයක් තිස්සේ විවිධ මතභේද පැන නැගී ඇති අතර හිමිකාරිය රජයට නිවස විකිණීම ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වේ. නමුත් අවසානයේ රජයේ තීරණය වී ඇත්තේ නිවස කඩාබිඳ දමා ඒ වෙනුවට නව ගොඩනැගිල්ලක් ඉදිකළ යුතු බවයි. ඉදිකරන නව ගොඩනැගිල්ල පුණ්‍ය කටයුත්තක් සඳහා යොදා ගැනීමටද යෝජනා වී ඇත.
රජයේ මෙම තීරණය සම්බන්ධව බොහෝ විරෝධතාවයන් ඇතිවිය හැකි බව විචාරකයෝ පවසති. නාසි පාලනයෙන් ඔස්ට්‍රියාව නිදහස්වීම සම්බන්ධව කෞතුකාගාරයක් ගොඩනැගීම හෝ සරණාගත මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑම සම්බන්ධවද යෝජනා ඉදිරිපත් වී ඇත.



