ලොව ලොකුම මැරතන් තරගාවලිය වන නිව්යෝක් මැරතන් ධාවන තරගාවලියේ දී සාර්ථක කාලයක් හිමිකර ගැනීමට ලාංකිකයකු වන හර්ෂ බෝයගොඩගේ සමත් විය.
තරගකරුවන් 50000කට අධික ප්‍රමාණයක් සහභාගී වූ තරගාවලියට රටවල් 126කට අධික ප්‍රමාණයකින් ක්‍රීඩකයෝ එක්ව සිටියහ.
සැතපුම් 26.2ක දුර නිමවා දෙවැනි වටයේ සාර්ථක කාලයක් ලබමින් තරගය නිම කළ බෝයගොඩගේ වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයකු හා නීතිඥයකු වේ. ‘ලෝකය තුළින් පිළිකා නිවාරණය‘ ඔහුගේ තේමාව විය.




