පසුගිය සතියේ සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්ව ආ අස්මි තාසිම් මහතා පසුගිය සිකුරාදා නැගෙනහිර පළාතේ තානාපති ජංගම සේවාවට පැමිණියේය. මාස කිහිපයක් මුළුල්ලේ සෞදි ශ්‍රීලංකා තානාපති ධුරය පුරප්පාඩුව තිබිණි. නැගෙනහිර පළාතේ ශ්‍රී ලාංකික ප්‍රජාව සහ විදෙස් ගත ශ්‍රී ලාංකික සංසදයේ සාමාජිකයෝ (නැගෙනහිර පළාත විදේශ ගතවුවන්ගේ සංගමයේ) උණුසුම් ලෙස පිළිගත්හ.
තානාපති ජංගම සේවාවෙන් කෙරෙන කාර්ය භාරයන් පිළීබඳව සමාලෝචනයක යෙදුණ නව තානාපති පැමිණ සිටි ශ්‍රී ලාංකිකයින් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටද අමතක නොකළේය.

![j1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/j111.jpg)
![j2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/j211.jpg)
![j3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/j311.jpg)
![j4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/j411.jpg)
