සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාව ජුලි තුන්වැනි සිකුරාදා උදැසන 8.00 සිට සවස 2.30 දක්වා දමාම් අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් පැවැත්වීමට නියමිත බව තානාපති බලධාරින් පවසයි. මෙම ජංගම සේවාව සදහා රියාද් තානාපති කාර්යාලයේ නිලධාරින් පැමිණීමට නියමිත බැවින් ඔබගේ කටයුතු පහසු කර ගැනීමට නියමිත වේලාවට කලින් පැමිණ ටෝකන් පතක් ලබා ගන්නා ලෙස දන්වා සිටි.
සෞදි අරාබිය මෙම කාල සීමාව තුළ රාමසාන් උපවාස කාලය බැවින් රටේ පවතින නීතියට ගරු කරමින් ආහාර පාන ගැනීමෙන් සහ දුම් වැටී දැල්වීමෙන් වළකින ලෙසද දන්වා සිටි.

![embassy_banner[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/embassy_banner11.jpg)
