සෝමාලියාවේ දකුණු දිග කිස්මායෝ වරායේ පිහිටි හෝටලයකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් විදේශිකයින් ඇතුළු 26දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර ප්‍රසිද්ධ පුවත්පත් කලාවේදියකු ද සිටින බව සඳහන් වේ.
හොඩාන් නලේයා නම් 43හැවිරිදි පුවත්පත් කලාවේදියා හා ඔහුගේ බිරිය මෙලෙස මියගොස් ඇත.
පුපුරන ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක් පදවාගෙන පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය පවසයි.
අල් ශබාබ් ඉස්ලාම් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති අතර මෙය කිස්මායෝ ප්‍රදේශයට එල්ල කල දැවැන්තම ප්‍රහාරය බව මාධ්‍ය වාර්තා කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)


