මගීන් 74 දෙනකු සමග අප්‍රිකාවේ ජිබුති බලා පියාසර කරමින් සිටි සෝමාලියාවට අයත් ගුවන්යානයක බෝම්බයක් පිපිරී බඳේ සිදුරක් සෑදී වයසක මිනිසකු එම සිදුරෙන් එළියට වැටී ඇතැයි එරට පොලිසිය කියයි.
ගුවන්යානය අඩි 14000ක් ඉහළින් පියාසර කරද්දී මේ පිපිරීම සිදුවී ඇත. ගුවන් නියමුවා ආරක්ෂා සහිතව මොගඩිෂු ගුවන්තොටට බැස්සූ බවත් මගීන් හා ගුවන් සේවකයන්ගේ ජීවිත බේරා ගත් බවත් කියති.
මගීහු දෙදෙනෙක් පමණක් සුළු තුවාල ලදහ. සිදුරෙන් එළියට විසිවූ මගියාගේ සිරුර සොයා ගැනිණි.



