සුරිනේම් රාජ්‍යයට ජනාධිපතිවරියක්


දකුණු ඇමෙරිකාවට අයත්, සුරිනේම් රාජ්‍යයේ ජනාධිපති ධුරය ප්‍රථම වරට කාන්තාවකට හිමිවිය. ජනාධිපති ධුරයට පත් වූයේ, 71 හැවිරිදි වෛද්‍යවරියක ද වන ජෙනිෆර් ගර්ලිං සිමොන්ස්ය.

නිෆර් ගර්ලිං සිමොන්ස් ජනපති ධුරයට පත් වූයේ, ඇගේ පක්ෂය ඇයට හිතවත් පක්ෂ ද හවුල් වී රජයක් පිහිටුවීමට සන්ධාගත වීමත් සමගය.

සුරිනේම් යනු දකුණු ඇමරිකාවේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටා ඇති කුඩා රාජ්‍යයකි. සුරිනේම් රාජ්‍යයේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ ස්වභාවික සම්පත් මතය.

(ඒ.එෆ්.පී.)