සුමාත්‍රා ආසන්නයේ භූකම්පනයක්


ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ අද (2) රිච්ටර් මාපාංකයේ 6.5ක භූකම්පනයක් ඇතිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සුමාත්‍රා වෙරළට කිලෝමීටර් 40ක් ඈත අපිකේන්ද්‍රයේ භූකම්පනය හටගෙන ඇතැයි ඇමරිකා භූවිද්‍යා ආයතනය කියයි.

භූකම්පනයේ බලපෑම් සිංගප්පූරුවට ද ඇතිවී ඇතැයි කියති. මේ හේතුවෙන් කිසිවකුට හෝ අනතුරක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නැත.