සුඩාන දේශ සීමාවේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයෙක් ඝාතනය කරයි


සුඩානය සහ දකුණු සුඩානය අතර දේශ සීමාවේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයෙක් සහ සිවිල් වැසියන් හයදෙනෙක් ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

දේශ සීමාවේ අබේයි ලෙස හැඳින්වෙන ප්‍රදේශයේදී මෙම ඝාතනයන් සිදුව ඇති අතර හඳුනානොගත් තුවක්කුකරුවෙක් විසින් මෙය සිදුකර ඇතැයි සඳහන් වේ.

මියගිය අය අතර කුඩා දරුවකු ද සිටින බව පොලිසිය පවසයි.

සාම සාධක භටයන් මුර සංචාරයේ යෙදී පැමිණෙන අතරතුර ප්‍රහාරය එල්ල වී ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)