සිරියාවේ ස්වීඩා නගරයේ ඇති වූ වාර්ගික ගැටුම්වලින් 30 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
බෙඩොයින් සුන්නි ගෝත්‍රිකයන් සහ ඩෲස් සටන්කරුවන් අතර පවතින ගැටුම් මේ වනවිට උග්‍ර වී ඇති අතර, තත්වය පාලනය සදහා හමුදා බලධාරීන් යොමු කර ඇති බව මාධ්‍ය වාර්තා පැහැදිලි කරයි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අසාද් පාලනය බිඳ වැටීමත් සමග මේ වනවිට සිරියාවේ සුළුතර කණ්ඩායම් අතර සටන් උත්සන්න වීමට පටන්ගෙන ඇත.