සිරියාවේ බෝම්බ ප්‍රහාරවලින් 78ක් මරුට


සිරියාවේ මධ්‍යධරණී මුහුද ආසන්නයේ ජනපති අසාද්ගේ රජයේ වැදගත් ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ලවූ බෝම්බ ප්‍රහාර කිහිපයකින් පුද්ගලයින් 78 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඒ අතර කාර් බෝම්බයක් ද මරාගෙන මැරෙන ප්‍රහාරද වූ බව කියති.

බස් නැවතුම්පළක්, ටාර්ටස් හා ජබ්ලා වරාය නගර ද, උතුරු නගරයක් ද ප්‍රහාරවල ඉලක්ක වී ඇත. අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ජිහාඩ් කණ්ඩායමක් ප්‍රහාරය පිටුපස ඇතැයි එරට පුවත් ඒජන්සි පවසයි.