සිරියාවේ නිරිත දිග දමැස්කස් හී ගුවන් හමුඳා කඳවුරක දැවැන්ත පිපිරුමක් සිදු ව ඇතැයි වාර්තා වේ.
ඊශ්‍රායල හමුදා මෙම ගුවන් තොටුපොළ ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර එල්ල කර ඇතැයි ද එම වාර්තාවල දැක්විණි.
සිරියාවේ දමැස්කස් නුවරින් කිලෝමීටර අටකට අඩු දුරකින් පිහිටි මෙසේහ් හමුදා ගුවන් තොටුපොළට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇත. රොකට් ප්‍රහාර හේතුවෙන් විශාල ගින්නක් ඇති වී ඇතැයි ද තුවාලකරුවන් පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නැතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
පලස්තීනයට අයත් එහෙත් ඊශ්‍රායල ජනාවස පිහිටි ගලිලී මුහුද ආසන්නයේ පිහිටි ස්ථානයට සිට මෙම රොකට් ප්‍රහාර එල්ල වී ඇතැයි හමුදා අණ දෙන නිලධාරියකු උපුටා දක්වමින් සිරියානු රාජ්‍ය රූපවාහිනි සේවය වාර්තා කළේය.
මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන බව ද, සිරියානු හමුදා තවදුරටත් ප්‍රකාශ කර තිබිණි.

