සැමන් ගොඩේ මඟුල් කති


ජීවිතයේ කඩඉම් දිනය වන මංගල දිනය සීතලේ වෙව්ලමින්,දණ හිස තෙක් වතුරේ ගිලී ගෙන,සැමන් මසුන් පිරිවරාගෙන සැමරූ යුවළක් ගැන ඇලස්කාවෙන් වාර්තා වේ.

මනාලිය වන කේඩ් හා මනාලයා වන ඩෙික් දෙදෙනාම වෘත්තියෙන් මසුන් මරන්නන්ට මාර්ගෝපදේශනය සපයන්නන් වේ. ජලය හා මසුන් සමග බැදුනු තම ජීවිතය නිසාම තම මංගල දිනය මෙසේ සැමරීමට සැළැසුම් කළ බව ඔවුන් දෙපළ කියයි.

කේඩි හා ඩේක් මංගල පොරොන්දු හුවමාරු කරගත්තේද දණක් දියෙහි ගිලී සිටගෙනය.ඔවුන්සේම දියට බැස සිටි දෙපාර්ශවයේ නෑහිතමිතුරන් මංගල උත්සවයේ තේමාව සංකේතවත් කිරීමට බිලී පිති ඔසවාගෙන සිටියහ.

විවාපත් වූ අලූතම නව යුවළ කළේ මසුන් ඇල්ලීමට යාමයි.වැඩිවේලාවක් යාමට මත්තේන් ඔවුහු දෙදෙනම විශාල ප‍්‍රමාණයේ සැමන් මාලූවකු බැගින් අල්ලා ගැනීමටත් සමත්වූහ.