රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක මයික් වොල්ට්ස් කියයි.
මෙම සාම සැලැස්මට අදාල දින 30 ක සටන් විරාමයට මේ වනවිටත් යුක්රේනය කැමැත්ත පළ කර ඇත. ඇමෙරිකන් ආරක්ෂක උපදේශක මයික් වොල්ට්ස් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, තමන් ඉදිරි දින කීපයේ දී රුසියාවට ගොස් රුසියන් ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් හමුවී, එම සාම සැලැස්ම ඉදිරිපත් කරන බවය.
මේ අතර, රුසියනව් හමුදා පහර දී අල්ලා ගත් යුක්රේනයේ කර්ක්ස් පළාතේ සංචාරය කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය. පුටින්, කර්ක්ස් පළාතට ගියේ පළමු වරටය. ඔහු හමුදා ඇදුමකින් සැරසී සිටියේය.
සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රුසියාව ඇමෙරිකාවෙන් ඉල්ලීම් කීපයක් ඉල්ලනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. රුසියාවට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම, රුසියාව අල්ලා ගත් යුත්රේන ප්‍රදේශ රුසියාවට දී යුක්රේන හමුදා ඒවායින් ඉවත් වීම ආදිය එම ඉල්ලීම් වනු ඇත.
(අල් ජසීරා)