ස්පාඤ්ඤයේ ළැව්ගිනි දරුණුයි


ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ආසන්නයේ ළැව් ගිනි ව්‍යාප්ත වන බව වාර්තා වේ. ළැව්ගිනි පැතිර යන්නේ මෙන්ත්‍රීදා සහ වැල්මොහාදෝ යන ප්‍රදේශවලය.

ළැව් ගිනි තර්ජන එල්ල වන අනාරක්ෂිත ප්‍රදේශවල වැසියන් දහස් ගණනක් ආරක්ෂිත ප්‍රාද්ශවලට යොමසු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. අධික වියලි කාලගුණය හේතුවෙන් ළැව් ගිනි පාලනය කිරීම ගිනි නිවන භටයන්ට ගැටලු‍වක් වී ඇතැයි ද පැවැසෙයි.

මේ වනවිට හෙක්ටයාර 3,000ක් පුරා ළැව් ගිනි ව්‍යාප්ත වෙමින් පවතී. ළැව්ගිනි හේතුවෙන් හටගත් දුමාරයෙන් මැඩ්රිඩ් අගනුවර වායු දූෂණය ද කැපී පෙනෙන මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)