පල්මා දි මයෝර්කා ගුවන් තොටුපළේ ගුවන් යානයක ගින්නක් හට ගැනීමෙන්, පුද්ගලයන් 18 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ.
අද (5) අළුයම 12:30ට පමණ ගින්න හට ගැනුණි. ගින්න හටගත් ගුවන් යානය ස්පාඤ්ඤයේ සිට මැන්චෙස්‍ටර් ගුවන්තොටුපොළ දක්වා ගමන් කිරීමට නියමිතව තිබුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, තුවාල ලැබූ පුද්ගලයන් 18 දෙනාගෙන් පුද්ගලයන් 6 දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බවය.
ගුවන් තොටුපළ ගිනි නිවන භටයින්ගේ සහ සිවිල් නිලධාරීන්ගේ සහාය ඇතිව ගුවන් යානයේ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ.