සල්මාන් ඛාන්ට ස්නායු ආබාධයක්


බොලිවුඩයේ සදා ආදරණීය සුපිරි නළු සල්මාන් ඛාන්, ස්නායු රෝගී තත්ත්වයකින් පෙලෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ බව ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ ද 59 හැවිරිදි සල්මාන් විසිනි. ඒ පසුගිය දා විකාශය වූ බිග්බොස් රියැලටි වැඩසටහන අතරතුරේදීය. සල්මාන් ඛාන් පවසන ආකාරයට ඔහු මොළයේ ස්නායු අඩපණ වීමේ ට්‍රයිජමිනල් ස්නායු රෝගයෙන් පීඩා විඳිමින් සිටී.

සල්මාන් ඛාන්, අවසන්වලට රංගනයෙන් එක් වූයේ ඒ.ආර්. මුරුගදාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සිකන්දර්’ චිත්‍රපටයටය.