සරණාගතයින් පැහැරගත් නෞකාව මෝල්ටා බලධාරීන් යටතට



සරණාගතයින් පිරිසක් විසින් ලිබියාවට නුදුරින් මුහුදු තීරයේදී බදාදා(27) පැහැරගනු ලැබූ යාත්‍රාව දිනකට පසු මෝල්ටා විශේෂ කාර්ය බලකාය විසින් නැවත අත්පත් කරගෙන ඇත.
 
යාත්‍රාව මෝල්ටාවේ වැලෙන්ටා වරායට ගෙනවිත් ඇති බව වාර්තා වේ.
 
එල්හිබ්ලූ 1 නම් මෙම වෙළඳ නෞකාව සාගරයේ යාත්‍රා කරමින් සිටි සරණාගතයින් 108දෙනකු විසින් පැහැරගනු ලැබීය. ඔවුන් යාත්‍රාව ලිබියාවට රැගෙන යෑමට සැලසුම් කර තිබී ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හතරදෙනකු අත්අඩංගුවට ගත් බව මෝල්ටා පොලිසිය පවසයි. 
 
යාත්‍රාවේ සිටින අනෙක් සරණාගතයින් සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සඳහන් වේ.
 
(බීබීසී ඇසුරිණි - 085)