ඕස්ට්‍රේලියා රජය සරණාගතයින් 265 දෙනකු සහ ළමයින් 36 දෙනකු ඕස්ට්‍රේලියාවෙන් පිටමං කිරීමට ගෙන තිබෙන තීරණයට විරෝධය දක්වමින් කැතරින් වොස්කේට් (25) සහ හැනා පැච්චෙට් (23) යන කාන්තාවන් දෙදෙනා මීටර 162ක් උස මෙල්බර්න් කලා කේන්ද්‍ර කුළුණට නැග්ගාහ.
සරණාගතයන්ට සහයෝගය දක්වන බැනරයක් එල්ලා ඇති අතර එහි ලියා තිබෙන්නේ ‘ඔවුනට ඉන්න දෙන්න‘ යනුවෙනි.
සරණාගතයන් නාවුරු හෝ මැනුස් දිවයින් වෙත යළි නොයවන ලෙසත් ඔවුන් ඕස්ට්‍රේලියාවේ රදවා ගන්නා ලෙසත් ඔවුහු කියති.





