සමාජ ක්‍රියාකාරී වර්ජිනියා ජිෆ්රේ සමුගනී


ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇය දිවි නසාගත් බවය.

වර්ජිනියා ජිෆ්රේගේ මරණය සිදුවී ඇත්තේ ඊයේ (25) දිනයේය යැයි ඇගේ පවුලේ සාමාජිකයන් පවසයි. ජිෆ්රේ මිය යනවිට 41 හැවිරිදි වියෙහි පසුවූවාය.

ජිෆ්රේ කෙරෙහි වැඩි කථාබහක් ඇතිකළ පුවතක් වූයේ ඇය බ්‍රිතාන්‍යයේ යෝර්ක් ආදිපාදවරයා වන ඇන්ඩෲ කුමරුට එරෙහිව ප්‍රසිද්ධියේම ලිංගික අපයෝජන චෝදනා එල්ලකිරීම නිසාය. 

වයස අවුරුදු 17 දී තමන් යෝර්ක් ආදිපාදවරයා වෙත ඇයව ජාවාරම් කළ බවට ඇය චෝදනා කර තිබුණි. කෙසේ නමුත් ඇන්ඩෲ කුමරු එම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

(බීබීසී)