වන සතුන් නැරඹීමේ යෙදී සිටි සංචාරකයින් රැගත් ජීප් රියකට අනාරාධිතවම චීටාවකු ගොඩවූ පුවතක් කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයෙන් වාර්තා වේ.
මෙම සංචාරකයින් පිරිස වනෝද්‍යානයේ සේවයකින් අතර ප‍්‍රකට මලායිකා නම් චීටා පවුලක් ලූහුබැදීමේ නිතරව සිට ඇති අතර අවසන ඔවුන්ට මලායිකා පවුල හමුව ඇත්තේ සංචාරය නිමා කර කඳවුර බලා යමින් සිටි ගමනේදීය.
ජීප් රිය නැවැත්වූ වහාම මලායිකා දෙමහල්ලෝ දෙදෙන එහි වහල මතට නැග්ගාහ.
ජීප් රියට ඇතුළුවී තිබෙන්නේ ඔවුන් දෙදෙනගේ දරුවෙකි.හෙතෙම සංචාරකයෙකුගේ උකුළ මත වාඩිවීමට ගියද පසුව අදහස වෙනස් කරගත්තාක් මෙන් ජීප් රියෙන් බැසගොස් තිබේ.
මේ අනාරාධිත අමුත්තා ඉදිරියේ මිකී මැකැල්ඩීන් නම් එම සංචාරකයා බිරන්තට්ටුවී සිටිනු අපූරුවට ඡායාරූපගත කිරීමට ඔහුගේ මිතුරෙකු හට හැකිව ඇත.
වසර 60 ක් පුරාවට කෙන්යාවේ ජීවත්වුවද මෙවන් සිදුවීමක් දුටු ප‍්‍රථම අවස්ථාව මෙය බව ඩේවිඩ් හොර්සි නම් වන ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබේ.






