සංක්‍රමණිකයන් සතුන් කරන්න ගිහින් දඩ කයි


සංක්‍රමණිකයන් හරකුන් හා උරුලෑවුන් සේ හැඳින්වූ ජර්මනියේ ඩ්‍රෙස්ඩන් නුවර සංක්‍රමණ විරෝධී සංගමයේ නායක ලුට්ස් බැච්මන්ට නැගෙනහිර ජර්මනියේ උසාවියක් යූරෝ 9600ක (රුපියල් 16,06034) දඩ ගැසීය.

ජාතිවාදය ඇවිලවීමට ඔහු ක්‍රියා කළැයි ඔහුට හත් මාසයක සිර දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල කියා සිටියත් දඩය පමණක් ඔහුට නියම විය.

ජර්මන් විනිසුරු ඔහුට කියා සිටියේ ඔහු කළ ප්‍රකාශ භාෂණයේ නිදහසට ඇතුළු නොවන බවයි.