වෙනුසුවේලා හෙලිකොප්ටරයේ ගිය හමුදා සෙබළු සොයා ගැනේ


ඇමසන් වනාන්තරයේදී අනතුරට ලක්වූ වෙනුසුවේලාවට අයත් යුද හමුදා හෙලිකොප්ටරයේ ගමන්ගත් හමුදා සාමාජිකයන් කිහිපදෙනකු දින හයකට පසු සොයාගෙන ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

පසුගිය බ්‍රහස්පතින්දා අනතුරට ලක්වූ එම්අයි-17වී-5 යානයේ සාමාන්‍ය වැසියන් ද ඇතුලුව 13දෙනකු ගමන් කර ඇත. හෙලිකොප්ටරය සොයාගෙන ඇත්තේ යෙකුආනා නම් ගෝත්‍රික කණ්ඩායමක් විසිනි.

බේරාගත් පුද්ගලයන් අතර සාමාන්‍ය වැසියන් සිටින්නේ ද යන්න පැහැදිලි නැති බව වෙනුසුවේලා ජාතික මාධ්‍ය පවසයි.

_93284655_venezuelapuerto4640117 _93284868_mediaitem93284867