වෙනිසියුලාවේ වෙඩි තැබීමකින් 11ක් මරු දකිති


වෙනිසියුලාවේ වෙඩි තැබීමකින් 11 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

හඳුනා නොගත් තුවක්කුකරුවන් ට්රුජිලෝ හි දී සිදු කළ වෙඩි තැබීමකින් මිය ගිය පිරිසට තරුණයන් තිදෙනකු හා කොළොම්බියා ජාතිකයකු ද අයත් බව කියති.

එරට රාජ්‍ය නොවන සංවිධාන පවසනුයේ වෙනිසියුලාවේ අපරාධ සංඛ්‍යාව පසුගිය දිනවල වැඩි වී ඇති බවයි.