බැන්ස්කි ලෙස හැඳින්වෙන බ්‍රිතාන්‍ය ජාතික වීදි කලාකරුවකුගේ සිතුවමක් වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 12 ක වාර්තා ගත මුදලකට අලෙවි වී ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ චිම්පන්සීන් අසුන්ගෙන සිටින අයුරු නිරූපණය වන මෙම සිතුවම, බාරදුන් පාර්ලිමේන්තුව, ලෙස නම් කර තිබේ.
2009 වර්ෂයේ නිර්මාණය කර ඇති එය මීටර් 4 ක දිගින් යුත් විශාල පරිමාණයේ සිතුවමකි.
2008 වසරේදී බැන්ස්කිගේ සිතුවමක් නිව්යෝක් නගරයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8 කට අලෙවි වී තිබේ.
බැන්ස්කි සිය අනන්‍යතාව සඟවාගෙන ජීවත්වන පුද්ගලයකු බව විදෙස් මාධ්‍ය පවසයි.
-226
(රොයිටර්ස් ඇසුරෙනි)

