වියට්නාමයේ ලැම් ඩොන් පළාතේ ඩටන්ලා නමැති දිය ඇල්ල නැරඹීමට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයන් තිදෙනකු ඇල්ලෙන් පහළට වැටී මියගොස් සිටිය දි සොයාගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි. මොවුහු කෙන්ට් ප්‍රාන්තයේ පදිංචි කරුවෝය. කාන්තාවන් දෙදෙනෙක් ද (19) හා (25) මියගිය තිදෙනා අතර සිටිති.මේ දෙදෙනා ලිසී ස්කෙයාර් හා බෙත් ඇන්ඩර්සන් ලෙස හඳුනාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පරික්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ එක් අයකු ලිස්සා වැටුණු පසු ඇය සොයද්දී අනෙක් දෙදෙනා ද ලිස්සා වැටෙන්නට ඇති බවයි. ක්‍රිස්ටියන් ස්ලෝවන් නමැති මියගිය පුද්ගලයා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ හිටපු නිලධාරියෙකි.
මොවුන් ආරක්ෂිත කබා සහ හෙල්මට් පැළඳගෙන සිටිය ද වැටීම වැළැක්වීමට අවශ්‍ය කඹ යොදාගෙන නැතැයි ද පර්යේෂකයෝ කියති.

