ජාත්‍යන්තර අභාවකාශ මධ්‍යස්ථානයේ දින 340ත් ගත කළ ඇමරිකානු ගගනගාමී ස්කොට් කෙළී සහ රුසියානු ගගනගාමී මිහායෙල් කෝනියෙන්කෝ සාර්ථක ලෙස නැවත පැමිණි බව නාසා ආයතනය පවසයි. අජඨාකාශගාමීන් දෙදෙනා සමග කාර්යමණ්ඩලයට අයත් රුසියානු ජාතික සර්ජි වොල්කොව් මෙසේ පෘථිවියට පැමිණ ඇත. මෙය සාමාන්‍යයෙන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගත කරණ කාලය මෙන් දෙගුණයක දීර්ඝ කාලීන මෙහෙයුමකි.
අභාවකාශ මධ්‍යස්ථානයේ සිටි මොවුන් පෘථිවියට ගෙන ආවේ සොයුස් කැප්සියුලයයි. ඉන්පසු මොවුන් පැරෂුටයක ආධාරයෙන් කසකස්ථානයේ ස්ටෙප්ස් තණබිම වෙත ලඟා වී ඇත.
දීර්ඝ කාලයක් අභ්‍යාවකාශයේ ගත කරන විට සිරුර ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න සම්බන්ධව චාරිකාවේදී අධ්‍යයනය කළ බව නාසා ආයතනය පවසයි. පෘථිවියේ වෙසෙන ස්කොට් කෙළීගේ සර්වසම නිවුන් සොහොයුරාද සංසන්දනය කිරීම සඳහා යොදා ගැනීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දින 520ක් සම්පූර්ණ කරමින් ස්කොට් කෙළී වාර්ථාවක්ද තබා ඇත.




