වසර 2 ක නිහැඩියාවකින් පසු බටහිර දිග ඉන්දුනීසියාවේ ‘සිනාබුන්ග්‘ ගිනිකන්ද නැවත වරක් සකී‍්‍රයව තිබීම නිසා ඒ අවට වාසය කළ 10000 ක් පමණ දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට එරට රජයට සිදුව තිබේ.
ගිනිකන්දේ සිට කිලෝමීටර 3 ක් දුරට යන තෙක් දුම් වලාවන් විහිදෙන බව සදහන් අතර කිලෝමීටර 15 ක් පමණ දුරින් පිහිටි ප‍්‍රදේශ පවා වසාගෙන මිලී මීටර 2 ක් පමණ ඝණකම ගිනි අළු පතනයක් සිදුව තිබෙන බවද පැවසේ.
ගිනි කන්ද සන්සුන් වීමට සති කිහිපයක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇතැයි ඉන්දුනීසියා ආපදා කළමණාකරන අංශ කියයි.
මීටර 2460 ක් උසැති සිනාබුන්ග් ගිනි කන්ද මෑත සමයේ මුල් වරට පුපුරා ගියේ 2010 වසරේදීය.ඒ වසර 400 ක පමණ නිහැඩියාවකින් පසුවය.ඉන් අනතුරුව තවත් වසර 2 ක් පමණ නිහඩව සිටී. එය 2013 වසරේදී නැවත වතාවක් පුපුරා ගියේය.
2013 වසරේදී සිනාබුන්ග් නිසා සිදුවූ හානිය ඩොලර් ලක්ෂ 10000 ක් පමණ වන බව ගණන් බලා තිබේ.
ඉන්දුනීසියාවේ ගිනිකඳු 129 ක් පිහිටන අතර සිනාබුන්ග් ඉන් එකකි. භූකම්පනයන්ට නිතර ලක්වන අත්ලන්තික ගිනි කවය නමින් හැදින්වෙන කලාපයේ එය පිහිටා තිබේ.






