ලෝකයේ දිගම විදුරු පාලම චීනයේ


ලෝකයේ දිගම සහ උසම විදුරු පතුල සහිත පාලම චීනයේ හුනන පළාතේ ෂැන්ජියාජි ජාතික උද්‍යානයේ දී විවෘත කැරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෂැන්ජියාජි ග්‍රෑන්ඩ් කැනියන් ප්‍රදේශයේ තද බෑවුම් සහිත කඳු දෙකක් යාකර සකස් කර ඇති මේ පාලමේ දිග මීටර 430 ක් හෙවත් අඩි 1410කි. පළල මීටර හයක් හෙවත් අඩි 20කි. මෙහි සිරස් උස මීටර 300ක් හෙවත් අඩි 984කි.

මේ පාලමේ නිර්මාණකරුවා වන ඊශ්‍රායල් ජාතික ගෘහ නිර්මාණ ශිල්පී හෙම් ඩෝටන් පවසන්නේ වරකට පුද්ගලයන් 800ක ප්‍රමාණයක් රඳවාගෙන සිටීමේ හැකියාවක් ඇති බවයි.