උතුරු චීනයේ බීජිං ඇතුළු නගර වලට නියමිත කාලයටත් පෙර අනපේක්ෂිත ලෙස හිම පතිත වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
නොවැම්බර් මාසයේ මුල් සති කිහිපයේ සිට මෙලෙස හිම පතිත වීම ඇරඹී ඇත. චීන මහා ප්‍රාකාරයද හිමෙන් වැසෙමින් පවතී. චීන ඡායාරූප ශිල්පීන් කිහිප දෙනකු විදෙස් මාධ්‍යවෙත ලබා දී ඇති ඡායාරූප වලින් පෙනෙන්නේ පෞරාණික ස්මාරක රැසක් හිමෙන් වැසී ඇති බවයි. හිම පතිතවීම හේතුවෙන් චීන මහා ප්‍රාකාරයේ පඩි ලිස්සන සුළු වුවද එහි අවදානම හා දැඩි සීතල නොතකා සංචාරකයෝ ඇදී එති. එය ඔවුන්ට නවමු අත්දැකීමක් වී ඇත.

