එක්සත් ජාතීන්ගේ පරිසරය දූෂණය වැළැක්වීමේ ජාත්‍යයන්තර සම්මේලනය නොවැම්බර් මස 29 වැනිදා පැරීසියේදි ආරම්භ විය. ලෝකයේ රාජ්‍ය නායකයන් 147 දෙනකු සහ රටවල් 196ක රාජ්‍ය නිලධාරීන් 45000ක් සහභාගි වන මෙම සම්මේලනයට ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නියෝජිත පිරිසක්ද සහභාගි වෙති.
එක්සත් ජාතීන්ගේ මහ සැසිවාරයට පසු විශාල රාජ්‍ය නායකයෝ පිරිසක් සහභාගි වන මෙම සම්මේලනය ඩෙන්මාර්කයේ කෝෆන්හේගන් සමුළුවට පසු පැවැත්වෙන විශාලතම සමුළුව ලෙස සැළකේ. ලොව ලොකුම ධනපතියා ලෙස සැලකෙන ඇමෙරිකා ජාතික බිල් ගේට්ස් හා ප‍්‍රංශයේ ප‍්‍රසිද්ධ පරිසරවේදි නිකොලා හුලෝ ද එයට එක්වෙති.
පසුගියදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූ ප‍්‍රංශයේ ජාතික පාපන්දු ක‍්‍රීඩාංගනය, හා ප‍්‍රංශ ආරක්ෂක ප‍්‍රහාරයෙන් මරුමුවට පත් පැරිස් ප‍්‍රහාරයේ ප්‍රධානියාවූ අබ්ඩෙල් හමීඩ් අබයුඩ් සැඟවී සිටි නිවස පිහිටි සෙන්ට් ඩෙනිස් නගරයට යාබද ලාබුර්ජේ නගරයේ පිහිටි ගුවන් හමුදා පරිශ‍්‍රයක මෙම සමුළුව දෙසැම්බර් 11 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතය.
සමුළු පරිශ‍්‍රය ලෝකයේ රටවල ධජ වලින් වර්ණවත්වී ඇති අතර එම ප‍්‍රදේශය දැඩි ආරක්ෂිත කලාපයක් බවට පත්වී ඇත.
නොවැම්බර් මස 29 වැනි ඉරිදා හා 30 වැනි සඳුදා වාහන වලින් පැරීසියට නොපැමිණෙන ලෙසත් එම දිනයන්හී පැරීසිය හා ඒ අවට උමං දුම්රිය, සාමාන්‍ය දුම්රිය, බස් සේවාවන් සියල්ල නොමිලේ ප්‍රවාහන සේවා සපයන බවත් පැරීසියේ නගරාධිපතිනි හිඩල්ගෝ පැවසුවාය.





