කිලෝ මීටර් 57ක් දිග දිගම උමං මාර්ගය පසුගිය ජූනි 01 වැනිදා ස්විට්සර්ලන්තයේදි සඳහා විවෘත විය. ස්විට්සර්ලන්ත අගමැති ජොහාන් ස්නයිඩර් ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද්, ජර්මනියේ චාන්සලවරිය ඇන්ජෙලා මෙර්කෙල්, ඉතාලියේ අගමැති මැතියෝ රෙන්සි, ඔස්ටි‍්‍රයා අගමැති ක‍්‍රිස්ටියන් කර්න් යන රාජ්‍ය නායකයෝ සහභාගි වුහ.
යුරෝපයේ උතුර හා දකුන දුම්රිය මාර්ග යා කිරීමට සැළසුම් කර ඇති මෙම දුම්රිය මාර්ගය ඉදිරි කාලයේදි ජර්මනියේ ප‍්‍රැන්ක්පට්, ප‍්‍රංශයේ ස්ට‍්‍රාස්බර්ග්, ස්විට්සර්ලන්තයේ බාසෙල් නගර ඔස්සේ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිට ඉතාලියේ මිලාන් නුවර දක්වා ඒකාබද්ධ කිරීමට යයි.
බෝඩියෝ නගර යාකර එස්ට්ෆෙල්ඩ් හා මධ්‍යම ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳු වැටියේ පතුල ඔස්සේ මෙම උමග මුහුදු මට්ටමෙන් මීටර් 550ක් ඉහළින් ඉදිකර ඇත්තේය. වසර 17ක් මුළුල්ලේ සමාගම් 3000 ක සේවකයෝ 6000ක් පමණ ඉදිකිරීම් කටයුතු වලට එක් වූහ. මේ සඳහා යුරෝ මිලියාන 11ක් වැයවී ඇත්තේය. උමගේ පස් හා සුන්බුන් වශයෙන් ටොන් ලක්ෂ 280ක් ඉවත් කැරිණි. උමග පසු කිරීමට විනාඩි 20ක් ගතවේ. 2016 දෙසැම්බරයේ මගීන් ප‍්‍රවාහනය කිරීමට සැළසුම් කර ඇත. දැන් භාණ්ඩ කැරෙයි.
ප‍්‍රංශය හා එංගලන්තය යා කරන මුහුද යටින් තනා ඇති කිලෝ මීටර් 50ක් දිගැති උමග හා ජපානයේ ෂෙයිකාන් නුවර කිලෝ මීටර් 53.8 ක් දිගැති උමං මීට පෙර ඉදි කැරිණි.








