ලෙබනනයේ නැගෙනහිර පෙදෙසේ සිරියා දේශ සීමාව ආසන්නයේ ක්ඒ ගම්මානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පස් දෙනකු මියගොස් ඇතැයි ද 15 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ද විදෙස් පුවත් සේවා පවසයි.
ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන ත්‍රස්තයන් සිව් දෙනකු සහභාගී වී ඇතැයි කියති.
ප්‍රහාරය සම්බන්ධයෙන් අයිඑස් ත්‍රස්තයන් වගකීම බාරගත යුතු යැයි ලෙබනනයේ අල් මනාර් පුවත් ඒජන්සිය පවසයි.

