එංගලන්තයේ ලිවර්පූල් නගරයේ ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පුජෝත්සවය විහාරාධිපති බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන සංඝ නායක කැප්පෙටියාගොඩ ගුණවංස නාහිමියන්ගේ අනුශාසනා පරිදි වෙල්හේන්ගම මහතා ඇතුළු පවුල ද උෂාන් වේවැල්වල මහතා ඇතුළු පවුල ද ප්‍රධාන දායකත්වයෙන් ලිවර්පූල් ප්‍රෙස්කොට් නගර සභා ශාලාවේදී පැවැත්විණි. කඨින චීවරය රැගත් අලංකාර පෙරහර ලිවර්පුල් නගරයට අමුතු දෙයක් විය.
දෙවසරකට පෙර ඇරඹූ පන්සලේ දෙවැනි කඨින පිංකම මෙයයි. බර්මින්හැම් , ජේතවන සහ ලිවපුල් ශ්‍රී සම්බුද්ධ උභය විහාරයන්හි විහාරාධිපති, ගුණවංස නාහිමි, බර්මින්හැම් ජේතවන විහාරාධිකාරී මාපලගම සෝරත හිමි, ජේතවන විහාරවාසී බැරගම පියරතන හිමි,නොටින්හැම් ශාන්ති විහාරාධිපති තෙල්දෙනියායේ අමිත හිමි,ලෙස්ටර් බෞද්ධ විහාරවාසී කළුඅග්ගල සරණසිරි හිමි, මැන්චෙස්ටර් කේතුමතී විහාරවාසී පේමානන්ද හිමි හා උඩුනුවර ඉන්ද්‍රරතන හිමි, ලිවර්පුල් ශ්‍රී සම්බුද්ධ විහාරවාසී කිරිගල්පොත්යායේ චන්දානන්ද හිමි හා තිස්සපුර සුගතරතන හිමියෝ ද පිංකමට වැඩම කළහ.
කිරිගල්පොත්තේ චන්ද්‍රානන්ද හිමි ,ගල්පොත්යායේ පේමානන්ද හිමි ගුණවංස නාහිමියෝ පිංකමේ වතාවත් කළහ. තෙල්දෙනියායේ අමිත හිමි සිංහලෙන් ද උඩුනුවර ඉන්ද්‍රරතන හිමි ඉංග්‍රිසියෙන් ද කඨිනානිසංස බණ කීහ.










