එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ ආරක්ෂක උපදේශක මේජර් ජනරාල් උභය මැදවල මහතා ලෙබනන්හි නකුරා නගරයේ සේවය කරන සාම සාධක හමුදා භට පිරිස් නිරීක්ෂණය කිරීම සඳහා එහි සංචාරය කළේය.
මැදවල මහතා සාම සාධක හමුදා ප්‍රධානීන් සහ එහි මාණ්ඩලික නිලධාරීන් හමුවූ අතර භට පිරිස් ස්ථානගත කිරීම්, රාජකාරී ස්වභාවයන් හා මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කැරිණි.




